Monday, August 22, 2016

atsudarshana.blogspot.com

නෝනාවරුනි මහත්වරුණි, මට හරිම සන්තෝෂයි මගේ අත්දැකීම් කියවා තරුණ දොස්තර මහත්වරුන් නෝනා වරුන් දක්වන සුභවාදී ප්‍රතිචාරය ගැන. ඒ විතරක් නෙවෙයි නර්ස් නොනලයි, ස්ටුඩන්ට් නර්ස්ලයි, මෙඩිකල් ස්ටුඩන්ට්ලයි ,වෙනත් විවිධ වෘතිකයන් බොහොම දෙනෙක්  මැසෙන්ජර් පණිවිඩ එව්වා, ඔවුන් ඉතා ආසාවෙන් මේ අත්දැකීම් කියවා ජීවිතයට ප්‍රායෝගික දැනුමක් ලබන බව පවසමින්. වෙලාව සීමිත නිසා ඉතා කෙටියෙන් මැසෙන්ජර් සංවාදේ ඉවර කලාට තරහ වෙන්න එපා. එක ෆේස් බුක් මිතුරියක් මගේ ලිපියක් ෂෙයා කරලා ඇයගේ වෛද්‍ය මිතුරෙකුට යෝජනා කරලා තිබුනේ “ Classic example in leadership, wish we could invite this gentleman to a lecture” කියලයි. ඇයගේ ඉව හරියටම හරි. මේ බොහෝ ජයග්‍රහණ පසුපස තියෙන්නේ  motivation, team work ,leadership වැනි පිළිගත් කළමනාකරණ සංකල්ප. තවත්  දොස්තර මල්ලියෙක් කියලා තිබුන ,මේවා ඇත්තටම සිදු උනානම් නියමයි කියලා. මම ඉතින් මල්ලියට කිව්වේ මේවා  සිද්ද වෙච්ච කාලේ හිටපු මිනිස්සු තවම ජීවතුන් අතර සිටින නිසා ,බොරු නම් ඉතින් ඒ උදවිය ෆේස් බුක් එකේ මගේ සායම යවයි මල්ලි කියලයි. මටත් ඉතින් වෙලාවකට පුදුමත් හිතෙනවා ,මම මේ වගේ අඩව් ඇල්ලුවද කියලත්. මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා ආයුබොවන්. මල්ලිගේ සැකේ සාධාරණයි. මොකද මල්ලි,  දුවන කෝච්චි වලට පනින්නේ කවුද බං? මම ඉතින් කෙරුවේ ඒ වගේ වැඩනේ. කමක් නෑ අලුත් පරපුර මගේ අත්දැකීම් කියවලා මටත් වඩා සාර්ථක පරිපාලකයෝ වෙලා රට ගැන හැගීමෙන් වැඩ කරනවානම් කොයිතරම් හොඳද ? ලියවිල්ල නතර වෙලා නෑ. වැඩ වැඩි නිසා වේගේ ටිකක් අඩු වුනා. මග ඇරිච්ච කතන්දර ටික atsudarshana.blogspot .com  ගිහිල්ල කියවගන්න හොඳේ? 

1 comment:

  1. http://transyl2014.blogspot.com/ මෙයා ඔයාගේ යාලුවෙක්ද

    ReplyDelete