මහනුවර ඉඳලා ගම්පහට සේන්දු වුන මගේ පාසැල්
ජීවිතයේ ඊළඟ නවාතැන වුනේ ගලහිටියාව සෙන්ට්‍රල් එකයි. පහේ පන්තියේ ඉඳලා ඉස්කෝලේ
හිටපු හැමෝම අභිබවමින් අටේ පන්තියේදී ඉස්කෝලෙට ආපු මම එකොළහ වසර වනවිට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙන්න සමත්වුනා.
එකොළහ වසරට අලුතෙන් පාසැලට ආපු ලස්සන ගැහැණු
ළමයෙක් ගැන මගේ හිතේ උනන්දුවක් ඇතිවුනා. ලස්සන කවියක් ලියලා මගේ හිතේ ඇය ගැන තිබුන
අදහස දන්වලා යැවුවා. මුතුකැට වගේ ලස්සන අත් අකුරු වලින් මට පිළිතුරක් ලැබුණා.
එයින් කියවුනේ ඒ වනවිටත් ඇයට පෙම්වතෙක් සිටින බවයි. පාසලේ බාහිර වැඩ වල කාර්යබහුල
මා එක්ක ඇය කිසි අමුත්තක් නැතිව සිනහමුසු මුහුණින් යුතුව වැඩ කලා. හිතේ විශාල
දුකක් තිබුනත් අමුත්තක් නැතිව මමත් පාසලේ වැඩ කටයුතුවල නිරතවුණා.
ඒත් ටික දවසක් ගතවෙනකොට ..........
“ ඉස්කෝලේ මේන් හෝල් එකට ඔයා ඇතුල් වෙනකොටම ඒ
වෙනතෙක් කෑ කෝ ගහ ගහ හිටපු දාහක් විතර
ළමයි ඇල්පෙනෙත්තක් බිම වැටුනත් ඒ ශබ්දේ ඇහෙන තරමට නිශ්ශබ්ද වුණා. මම නම් වශී උනේ ඔයාගේ ලස්සන
හිනාවට. ඒත් මුළු ඉස්කෝලෙම වශී කර ගන්න
සමත්වුණ ඔයාගේ පෞරුෂය ගැන මට හරි ආඩම්බරයි.”
ඒ වගේ ලියුම් ලියන තරමට ටික දවසක් ගතවෙනකොට ඇය මට ගොඩාක් සමීප වුනා.
පාසැලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වූ නිසා ඇගේ ඇසුර මට මදහසින් දක්වන හැගීමකටත් ඇස්
වලින් කරන කතාවකටත් පමණක් සීමා වුණා. එක
දවසක් ඒ සීමිත ආදරය නවත්වමු යැයි ඇය යෝජනා කළා. ඊට හේතුව ඇය ඇගේ ප්‍රථම
ප්‍රේමයට පිටුපෑමට තිබූ අකමැත්තයි.
උසස්පෙළ පළමුවරට ලියා සරසවි වරම් නොලැබුන නිසා
දෙවනවර විභාගයට සුදානම් වෙමින් සිටි මට මේ තීරණය දරා ගැනීමට ඉතා අපහසු වුණා. පාසලේ
ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී ඇය හමුවූ වේලාවකදී මම ඇගෙන් ඉල්ලීමක් කළා. “මගේ එග්සෑම් එක ඉවරවෙනකම් ඔයාගේ තීරණය කල්දාන්න පුලුවන්ද ?
ඊට පස්සේ ඔයාගේ ඕනෑම තීරණයකට මම කැමති වෙන්නම්”. ඇය හා කිව්වා. මට මුළු ලෝකෙම ලැබුණා වගේ දැනුනා.
එදාට පස්සේ අපි දෙන්නා කවදාවත් මුහුණට මුහුණ
හමු වුනේ නෑ. ඒත් ඇය මගේ ආදරවන්තිය කියලා හිතින් හිතාගෙන මම ඉතා කැපවීමෙන් අධ්‍යාපන
කටයුතු කරගෙන ගියා. උසස්පෙළ ප්‍රතිඵල අනුව මම වෛද්‍ය විද්‍යාලයට සමත්වූ බව මුළු
පාසලටම දැනගන්න ලැබුණා. මගේ ජයග්‍රහණය ගැන ඇයට කියන්න මග බලන් හිටියත් මට ඇයව හමුවුනේ නෑ.
එක දවසක් ගම්පහ දුම්රියස්ථානයේ විරුද්ධ දිශාවේ
වේදිකාවේ ඇය සිටිනවා මම අහම්බෙන් දැක්කා. සෙනග අතරින් කොහොම හරි ඇය සිටින තැනට මම
යනවිට ඇය එතැනින් මාව මගහැර ගොස් තිබුනා. ඊට පස්සේ කවදාවත් ඇය මට හමුවුනේ නෑ. වෛද්‍ය
විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලය තුල හැමදාම මට ඇයව මතක් වුණා. ඉතා සංවේදී මානසික
තත්වයකදී එක වචනයකින් ඇය මා වෙනුවෙන් කල කැපවීම නොවන්නට මම අද මෙතැන නැති බව මට
අදටත් හිතෙනවා. මුළු ජීවිත කාලය තුලම ඇයගේ ඒ කැපකිරීමට මගේ හිතේ ඇති ගෞරවය
නැතිවෙන්නේ නෑ. නපුරු නොවී මගේ හිත සතුටින් තැබූ ඇය අද කොහේ හෝ ඉතා සතුටින් ජීවත්
වෙනවා ඇතැයි මට හිතෙනවා.
දුක්බර ලියැවිල්ලක්
ReplyDeleteසත්තකින්ම
Deleteපින්කර තිබුණි මම ඒ රුව දැක ගන්න
ReplyDeleteසුන්දර සිනහ මැද මා හද පිනවන්න
වෙන් වී ගියද මතකය සුවඳක් වැන්න
ඉන්න තැනක සතුටින් ජීවත් වෙන්න.....
ජයවේවා!!!
සම්පුර්ණ සින්දුවක් ලිව්වොත් ලස්සණට තියේවී
Deleteමල කොතැන පිපුණම මොකද
ReplyDeleteගඟ කොතැන ගැළුවම මොකද
සඳ කොතැන දිළුනම මොකද
නුඹ කොතැන සිටියම මොකද
මල කොතැන පිපුණම මොකද
පිපුණු වග මල දන්නවා
ගඟ කොතැන ගැළුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිළුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා
විලේ ලස්සන තවත් විල් දියෙ
මලුත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුනොත් තමා
සඳේ ලස්සන තවත් සඳ දියෙ
තරුත් දිළුනොත් තමා
නුඹේ ලස්සන තවත්නුඹෙ සිතෙ
මාත් සිටියොත් තමා....
පද - අතුල ජයදේව
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
+++++
Delete+++++++++++
Deleteසුවදැති මල් වලට ඹබරු එන්නේ රෑන් ගණන්. එවිට මල් වල සුවඳ ගිලිහිලා යනවා. ඒත් මේ වගේ නිහතමානී මලක් ගැන ඇසීම සතුටක්. ඒ සුවඳ කෙටි කාලයකට හෝ විඳින්න ලැබීම ගැන සතුටුවන්න.
ReplyDeleteඇත්ත ....
Deleteපාසැල් කාලේ ප්‍රේමය සුන්දර දෙයක්. මගෙත් ඒ කාලේ කෙල්ලගේ ෆොටෝ තවමත් මම ලඟ තියෙනවා. මමත් හොයනවා ඒ ළමයා දැන් කොහෙද කියලා. ඒත් තවමත් මට ඒ කෙල්ලව හම්බ උනේ නෑ.
ReplyDeleteසුන්දරයි ......
Deleteප්‍රථම ප්‍රේමයේ විරහව වුවත් සුන්දර මතකයන්. නේද?
ReplyDeleteඅනිවාර්යයෙන්ම
Deleteඔය වගේ අත්දැකීමක් නැත්තම් ජීවිතයට වැඩක් නෑ.ඇත්තටම ඔබගේ කතාව තුල ආදරය තිබුනා.
ReplyDeleteජයවේවා..!!
හ්ම්ම්ම්ම්ම්ම්ම් ....
DeleteSorry.com....
ReplyDeleteමා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හිටියේ හයේ පන්තියේ සිට නමවෙනි ශ්‍රේනිය දක්වා පමණයි. මිශ්‍ර පාසලක අධ්‍යාපනයේ සොඳුරුකම දැනෙන්නේ ඉන් පසු තරුණ කාලේ පිරිමි පාසලක ඉන්න වුනාමයි.
ReplyDeleteපාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුව සිට විශ්ව විද්‍යාලයට ගියා ය කියන එක මා පාසල් ගිය කාලේ නම් අසන්න නොලැබුණු දෙයක්. මා උසස් පෙළ සඳහා උගත් පාසලේ නම් ශිෂ්‍යනායකයින් ගේ ප්‍රධාන කාර්යය වුනේ ශිෂ්‍ය නායක කාමරයේ රස්තියාදු වීමයි.
ඔව් වෛද්‍ය පීඨයට තේරුණු පලවෙනි ප්‍රධාන ශිෂ්‍යනායකයා මම
Deleteකොතැනක සිටියත් ඔබ මෙලොවේ, දිගු කල් ජීවත් වෙන්නකෝ
ReplyDeleteඔබේ සිතට සැනසුම ගෙන දී, දිගු කල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ, දිගු කල් ජීවත් වෙන්නකෝ
https://youtu.be/kUZd3nlH2bc
සංවේදී බවින් පිරුන ආදරණිය අතීතාවර්ජනයක්...
ReplyDeleteඔව් ඔබ හරි
Deleteපාසල් ප්‍රේමය හරිම සුන්දරයි... පාසල් අත්දැකීම තාම තියෙන හන්දා ඒ අත්දැකීම් තාම විදිනවා...
ReplyDeleteඔව් හරිම සුන්දරයි
Delete