Friday, July 1, 2016
මගේ සුපිරි ළමා කාලය
මහනුවර වත්තේගම හා වාවින්න නමැති සුන්දර ගම්මාන වල ජීවත් වූ මා සහ මගේ සහෝදරියන් සිව්දෙනා හැමදාම වාවින්නේ සිට වලල මහා විදුහල දක්වා උදේට සැතපුම් දෙකක් පයින් ගොස් සවස ආපසු පයින්ම ගෙදර ආවේ හරිම සතුටින්. පයිප්ප වතුර නැති නිසා කුඩා බැරල් වලට සැතපුම් භාගයක් දුර සිට පානීය ජලය ගෙදරට ගෙන එන්නේ අපි හතර දෙනා විසින්මයි. සවසට ෂෝර්ට් ඊට්ස් වෙන්නේ අක්කා හදන කොස් ඇට අග්ගලා වන අතර අපේ ප්‍රියතම ආහාරය කිරි කොස් හා පොලොස් ඇඹුලයි.නිතරම මම කඩේ යන විට රෝදයක් ගසාගෙන යාමට පුරුදුව සිටි අතර අල්ලපු ගෙදර ජිනදාස සීයාගේ විනෝදාංශය මගේ රෝදය සඟවා මාව කේන්ති ගැස්වීමයි. රාස්ස ඇල්ලේ යාලුවෝ සමග හොරෙන් නාන්නට ගොස් තාත්තාගෙන් කෑ වේවැල් කසාය නිසා අදටත් ගැඹුරු ජලාශ අසලටවත් යන්නේම නෑ.අලුත් අවුරුද්දට ගෙදර සමර ගෑ මම අලුත් ලිප් බැඳ ගොම මැටි ගෑ හැටි කියන්නේ ඉතා ආඩම්බරයෙන්. තාත්තා සමග කුඹුරු කෙටීම ගොයම් කැපීම, මී හරකුන් දක්කා කොළ පෑගීම, බැත පෑහීමෙන් පසු මලු වලට පුරවා රෑ වනතුරු පිදුරු ගොඩේ නැටීම මොන තරම් ජොලිද?. අටේ පන්තිය දක්වා කුප්පි ලාම්පුවෙන් පාඩම් කලත් හැමදාම මට පන්තියේ පළවෙනියා වෙන්න පුළුවන් වුනා. මට අදටත් මිනිසුන් පෙනෙන්නේ හොඳ සහ නරක ලෙස මිස දුප්පත් පෝසත් හෝ උගත් නූගත් ලෙස නොවේ. වෛද්‍ය වරයෙකු ලෙස හැම කෙනෙක් දෙසම සමානාත්මකව බැලීමට මට පන්නරය ලැබුනේ මගේ ළමාවිය මිනිසුන් සමග හරි හරියට ගැටුණු එකක් නිසා බව මම විශ්වාස කරනවා. මේ ලියුවේ 1% යි. සුන්දරයි නේද ?
Subscribe to:
Post Comments (Atom)
සුන්දර ළමා කාලයෙන් 1% නම් හොඳටම මදි. ඉතාම කෙටි සාරාංශයක් කියෙව්වා වගේ. කුතුහලය ඇවිස්සුන විතරයි. තව 90%ක්වත් කියවන්න තියනවනම් හොඳයි.
ReplyDelete//මට අදටත් මිනිසුන් පෙනෙන්නේ හොඳ සහ නරක ලෙස මිස දුප්පත් පෝසත් හෝ උගත් නූගත් ලෙස නොවේ.//... අපි වාගේ මිනිසුන් ගැන හිතන කෙනෙක් හමුවීම සතුටක්... ජයවේවා !!
ReplyDelete//මට අදටත් මිනිසුන් පෙනෙන්නේ හොඳ සහ නරක ලෙස මිස දුප්පත් පෝසත් හෝ උගත් නූගත් ලෙස නොවේ. //
ReplyDelete