(මම ඉතා අවදානම්සහගත තීරණයක් ගත්තා. යමක්
ඉගෙනගැනීමට ඇතැයි සිතේනම් පමණක් කියවන්න. නිසරු වාද විවාද සඳහා වැය කිරීමට මට
කාලයක් නැති බව කරුණාවෙන් සලකන්න)
කුලියාපිටිය රෝහලේ මාස 20 ක සේවා කාලය තුල මා
මුහුණ දුන් විශාලතම අභියෝගය වුයේ ජල නල පද්ධතිය අබලන් වීම හේතුවෙන් නගර සභාව
විසින් ජල සැපයුම අත්හිටුවීම නිසා රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වීමයි. ඇඳන්
600 ක්, දැඩිසත්කාර ඒකකයක්, නොමේරු ළදරු ඒකකයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක් සහිත
රෝහලකට වතුර නැතයි කියා මුළු රටටම බැන බැන දාල දුවනවද? වැලි මිරිකලා හරි වතුර
ගේනවද?
අර්බුධයේ පළමු සති කීපය ගෙවුනේ අහල පහළ ළිං වලින්
බවුසර් යොදා වතුර ගෙන ඒමයි. පට්ට පතුරු බැනුම් අහන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලන තරම්
ඩීසල් සහ බවුසර් දුන්නත් මගේ හිත වැඩ කලේ වෙන විධිහකට. මට එක පාරටම සිහියට ආවේ
වැලි මිරිකලා හරි වතුර ගන්න සමත් මා විසින් ස්ථාපිත කල රෝහල් නඩත්තු අංශයයි. මා
ඉදිරිපිටට පැමිණි මේ ජවසම්පන්න කොල්ලෝ පස් දෙනාගෙන් එකෙක් අපූරූ ඔත්තුවක් දුන්නා.
“ සර් පොළ ළඟ තියෙනවා අත් හැර දාපු නළලිඳක්. ඒක රෙපෙයාර් කරලා ගමුද?
ගිලෙන්න යන එකාට පිදුරු ගසත් ඕනෑ වෙනවා සේ, එකම
විකල්පය දෙසට හැරුනෙමි. (දැන් ඉතින් හිතෙයි පට් ගාල වතුර ලැබුණා නේද කියලා)
රාජ්‍ය
ආයතනයක තීරණ ගැනීමේ අවදානම කොරපු එකා තමයි දන්නේ. ජල ප්‍රවාහන මණ්ඩලය පළමු
විමසීමෙන්ම වැඩේ බෑ කියලා කිව්වේ හයි ටෙන්ෂන් ලයින් එකක් සමීපව තිබෙන බැවින් යන්ත්‍ර
සුත්‍ර හැසිරවීම අවදානම් බව කියමින්. ඊලඟට වැඩේට වෘතීය පළපුරුද්දක් තියෙන ආයතන
වලින් මිළගණන් කැඳෙව්වා. විවිධ වැඩ විෂයන් ගැන කියමින් අවම ඉල්ලුම් කරු එක් ලක්ෂවිසි
දෙදාහක ඇස්තමේන්තුවක් දුන්නා.
පළාත් අමාත්‍යංශයේ
මුදල් ප්‍රතිපාදන තිබුනේ නෑ. ඒත් වැඩේ අත හැරියේ නෑ. “ සර් අපි වැඩේ කරන්නම්. රුපියල්
පනස්දාහකින් විතර අලුත් බට දාල වැඩේ ඉවර
කරන්න පුළුවන් වෙයි. නඩත්තු අංශයේ කොල්ලෝ ටික කිව්වා. පළාත් අධ්‍යක්ෂවරයට කථාව
කිව්වා. වැඩේට අවසර ලැබුණා. හැබැයි අවදානම මට භාර ගන්න කිව්වා. මම හා කිව්වා.
රාජ්‍ය
ආයතනයක මෙවැනි වැඩ අපිට ඕනෑ විධිහට කරන්න බෑ. මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය නොකර වැඩේ
කරන්න ඕනෑ.
ඉතා
කඩිනමින් ටී.ඕ. වාර්තාවකට අනුව ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඇරඹුවා. මිළ ගණන් කැඳවීම්
කළා. මෙවැනි ව්‍යාපෘති සඳහා ලියාපදිංචි වූ ගමේ ප්‍රජා සමිතියකට වැඩේ පැවරුවා. සමිතිය
වැඩේ භාර ගත්තට වැඩේ කරන්නේ අපේ කොල්ලෝ. සමිතිය එක්ක අවබෝධතා ගිවිසුමක් ගැහුවා.
හයි ටෙන්ෂන් අවදානමට විදුලිබල මණ්ඩලෙන් ආරක්ෂාව ඉල්ලා ගත්තා.
හයි
ටෙන්ෂන් ලයින් එක නිසා යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන්න බැරි උනා. හැම දේම කලේ දෑතේ
හයියෙන්. නයිට් ඩියුටිත් එක්ක වැඩේට දවස් පහක් විතර ගියා. වියදම් වුනේ රුපියල්
තිස්දාහයි. (ෆයිල් එක ඉස්පිරිතාලේ ඇති). පසුදා ඉස්පිරිතාලේ සම්ප් එකට මහා සද්දෙන්
වතුර පිරෙන දර්ශනය මගේ ජීවිතයේ සුන්දර මතක සටහනක්. අපි ඉතින් කැවුම් කිරිබත් කෑවා.
ගිය සුමානේ මම කුලියාපිටිය ඉස්පිරිතාලෙට යනකොටත් ඒ වතුර පාර ඒ වේගයෙන්ම ගලනවා.
වැඩේ
පත්තරේට ගියේ මෙහෙමයි. වතුර නැතිව ඉස්පිරිතාලේ වහන ආරංචිය ලියන්න පත්තර වාර්තාකරු
මා හමුවෙන්න ආවා. (මේ වන විට ශල්‍යාගාර කටයුතු අඩාල වෙලයි තිබුනේ) මම ඔහුට කිව්වා,
ලෙඩ්ඩු කලබල වෙයි මේ ගැන දැන්ම ලියන්න එපා, සතියකින් මම ස්ථිර විසඳුමක් දෙනවා එදාට
ඒක පත්තරේ දාන්න කියලා. මගේ වැඩ ගැන දන්න වාර්තාකරු කියපු විදිහට පොරොන්දුව ඉෂ්ඨ
කලා.
වතුර බවුසර්
වලින් නඩත්තු වෙච්ච ඉස්පිරිතාලෙ වතුරෙන් ස්ව්‍යයන්පෝෂණය වුණ හැටි බොහෝ බලධාරීන්
දැනගෙන හිටියේ නෑ. මම කියන්න ගියෙත් නෑ. මට ප්‍රසංශා කලෙත් නෑ. දුක සතුට දෙකම මගේ
කොල්ලෝ එක්ක බෙදා ගත්තා. මගෙන් පස්සේ රෝහල භාර ගත්ත අය රෝහල් වෙබ් අඩවියක්
ඇරඹුවලු. හදවතින්ම ශ්‍රී ලාංකික වුවත් මේ වන විට විදෙස්ගතව සිටින මේ අය වෙබ් වල
ලියයිද මගේ වැඩ ගැන?
මා කල චුට්ටන් වැඩ ගැන බොහොම ද්වේශයෙන් පසුවෙන මේ
රටේ නැති මහත්තුරුන්ටත් කුලියාපිටිය රෝහල් වෙබ් අඩවියේදී මේවා හමු වෙලා
නෑ. වෙබ් එකේ නැති ගොඩක් දේවල් මහ පොලවේ තියෙනවා. මේක බලාගන්න කුලියාපිටිය පොළ ලඟට
යන්න. හිතින් හදා ගත්ත ප්‍රශ්නවලට උත්තර හොය හොයා ඉන්නේ නැතිව ගිහින් මාව මතක් කර
ගන්න. ඉස්පිරිතාලේ පිටුපස ගේට්ටුව ළඟ ටැංකියෙන් නැවුම් වතුර බෝතලයක් පුරවාගෙන මගේ
නඩත්තු අංශයේ කොල්ලන්ට පින් දෙන්න.
වැරැද්ද
දුටු විට දරුණු ලෙස වාග් ප්‍රහාර දෙන අනගාරික ධර්මපාල උතුමා අද සිටියා නම්, “මෝඩ
මිනිසුනි තොපි කල යුත්තේ ඒ දොස්තර මහත්තයාට කුහක ලෙස අපහාස කිරීම නෙවෙයි. ඒ මිනිහා
සහ ඔහුගේ උත්සාහවන්ත කණ්ඩායමට ප්‍රශංසා කොට ඔවුන් ධෛර්යමත් කිරීමයි.” කියා කියනු
ඇත. අපේ කරුමෙට අද එතුමා අප අතර නැත.
No comments:
Post a Comment