මහනුවර වාවින්න ප්‍රදේශයේ ගත කල මගේ ළමා කාලයේ (atsudarshana.blogspot)
බීමට
ජලය ගෙන ආවේ නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වූ මෙන්න මේ ළිදෙන්, කුඩා බැරල් වලට පුරවාගෙන. පසුගියදාක මහනුවර ගිය වෙලාවක මම මේ ලිඳ හොයාගෙන
ගියා. තවමත් මේ ලිඳ සුරක්ෂිතව තිබෙනු දැක මට දැනුණේ අසීමිත සතුටක්. වෝටර් ෆිල්ටර්,
ක්ලෝරීන් ගැන නොහිතපු කාලෙක විහිළුවටවත් බඩේ අමාරුවක් නොහැදෙන්න පිරිසිඳු ජලය
අපිට දීපු මේ පුංචි ලිඳ අදත් ඒ වගේම
පිරිසිඳු වතුරෙන් පිරිලා.
ලිඳෙන් වතුර බීලා..... එයින් වතුර නාලා.....ලිඳට
ගල් ගසාලා .... වතුර බොර කරයි මිනිසා ... ගඟට ආවඩයි මිනිසා ....ගඟට
ආවඩයි.......(වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය මට මතක් වුනා, පහුගිය දවස් වල සිදුවුණ
සිදුවීම් එක්ක)
අතිතය අමතක කරන්නැති ගැමියෙකුවිම ගැන ආඩම්බරයි.
ReplyDeleteමාත් ගමේ ගියහම මතක මතක හතී රටේ ඇවිදිනවා
ReplyDeleteමටනම් නෑ ගමක් (කොළොම්පුරේ තමයි ඉපදුනේ). අනුන්ගේ ගම් වලට ගිහිල්ලා එවායේ සුන්දරත්වය හොදට විදිනවා.
Deleteමම පොඩි කාලේ නාපු වෙල පහල පින් ලිඳ වහලා දාලා කියලා තාත්තා කිව්වාම මගේ හිතට හීනි වේදනාවක් ආව. ඒක හරියට කාලෙකින් දැක්කේ නැති ලඟ ඥාතියෙක් අභාවප්‍රාප්ත උනා කියලා ආරංචි උනා වගේ දෙයක්.
ReplyDelete