Monday, July 11, 2016


රතු ඉර නිසා බෝම්බේ මිස් වූ මිසීලා ;--

දඹුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස සේවයට ගිය දා සිට එහි හෙද නිලධාරීන්ගේ පැමිණීමේ ලේඛනය පෙ. ව. 7.15 ට මා විසින් අත්සන් කිරීම නිසා ප්‍රමාද වී පැමිණෙන උදවිය මා සමග පසු වුයේ තද බල කෝපයෙන්. හෙද නිලධාරීන්ට ප්‍රමාද වී පැමිණීමට කිසි සේත් ඉඩ නොදුන් නිසා තමන් රෝහලට පැමිණෙන බස් රථය වෙනස් කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ නිසා අකමැත්තෙන් උවත් ද...ඹුල්ල රෝහල අසලට පෙ.ව. 6.50 ට ලඟා වන බසයේ ඒමට හද නිලධාරීන් පුරුදු උනා. එක්තරා සෙනසුරාදා දිනක දඹුල්ල නගරයේ මහා ඛේදවාචකයක් සිදු උනා. අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පුජාවට යමින් සිටි මහා සෙනගක් සිටි බස් රථයක බෝම්බබයක් පුපුරා ගියේ 14 දෙනෙකුට එතැනම දිවි අහිමි කරමින් ,තවත් 140 දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින්. එදින දහවල් 12.30 ට ජන මාධ්‍ය සඳහා මා විසින් සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. එතැන දඹුල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය වූ හේරත් මහත්මියත් සිටියා. එතුමිය පිරිසට ඇහෙන්න අපුරු කතාවක් කිව්වා. "මේ රෝහලේ හෙදියන් විශාල පිරිසක් අපේ වෛද්‍ය අධිකාරී තුමා නිසා අද තමන්ගේ ජීවිතේ බේරුනා කියලා කියනවා ඇහුණා. වෙනදා නර්සස් ලා 20 ක් 30ක් විතර වැඩට එන්නේ මේ බෝම්බේ පුපුරපු බස් එකේ. ලොකු මහත්තයා රතු ඉර ගහන නිසා මාස ගානක ඉඳන් ඒ අය වැඩට එන්නේ 6.45 බස් එකේ. අදත් හැමෝම ඇවිත් තියෙන්නේ ඉස්සෙල්ල බස් එකේ. බෝම්බ බස් එකේ අද ඇවිත් තියෙන්නේ එක හෙදියයි . එයාට සුළු තුවාල තියෙන්නේ." දඹුල්ල ලංකාදීප වාර්තාකරු කාන්චන ආරියදාස මහතා ඒ කාලේ මේක වාර්තා කරලා තිබුනේ "වෛද්‍ය අධිකාරීගේ රතු ඉර නිසා හෙදියන්ගේ දිවි බෙරේ" කියලයි. ඒ අස්සේ එක ඇම්ඩන් කෙනෙක් අහපි සර් කොහොමද බෝම්බෙ 6.50 බස් එකෙ පිපිරුවනම් එහෙම කියලා. කොහොමද උගේ පොසිටිව් තින්කින් ? See More









2 comments: