මම හැදු පාර මමම වීවෘත
කළා
රාගම ශික්ෂණ රෝහල වෙත
2015 වසරේ අග භාගයේදී නියෝජ්‍ය අධ්යක්ෂ වරයෙකු ලෙස මා පත් වුයේ මගේ වෛද්‍ය
පරිපාලන පශ්චාත් උපාධි කටයුතු අවසන් වී ඊළඟ වාර්ෂික පත්වීම ලැබෙන තුරු තාවකාලික
සේවා ස්ථානයක් ලෙසයි. මට වැටුප් ගෙව්වේද සෞඛ්‍ය අමාත්‍යංශයේ කොළඹ කාර්යාලයෙන් වූ
අතර පත්වීමේ ලිපියද මාස තුනෙන් තුනකට දීර්ඝ කරන ලද්දකි. උලත් එකයි පිලත් එකයි න්‍යාය
අනුගමනය කල මට රාජකාරී ඉටු කිරීම සඳහා මේ කිසිවක් බාධාවක් වුයේ නැත. මා හට නිශ්චිත
කාර්යාලයක් නොතිබූ අතර, මා විසින්ම සුපිරි කාර්යාලයක් සතියක් ඇතුලත සාදා ගන්න ලදී.
එවකට රෝහල් අධ්යක්ෂ වරයා වූ සෑම් සමරනායක මහතා
ඉතා ඉහල මානුෂික ගති වලින් හෙබි කාරුණික පුද්ගලයෙකු වූ අතර, මගේ හැකියාවන්
හදුනාගත් ඔහු මා හට වැඩ කිරීමට අවශ්‍ය බලය නිර්ලෝභීව හා දැඩි විශ්වාශයෙන් යුතුව
විමද්‍ය ගත කළේය. ඉබ්බා දියේ දැම්මාම
ඇන්නාවේ කිව්වා සේ ඉන් පසු ක්‍රියාත්මක වුයේ ඕනෑ යකෙක් දෙකයි පනහයි, මම වත්තල මා
බෝලේ චන්ඩියා න්‍යායයි. (මේ ලිපි කියවන හැමෝටම හිතට නැගෙන්නට පුළුවන් හැම තැනම මට
ආරුඪ වෙන චන්ඩි න්‍යාය මොකක්ද කියා )
එහෙනම් අහගන්න; මගේ වේගවත් හා අධිෂ්ඨාන සහගත තීරණ ගැනීම් හමුවේ
බොහෝ අය නිතරම් කියූ කතාවක් තිබුනා. “සර් පරිස්සමින් ! මේකේ හිටපු ඒ. ඕ. මහත්තයටත්
(පරිපාලන නිලධාරීයාට ) පිහියෙන් ඇන්නා. ඉස්පිරිතාලෙයි, රාගම ටවුමේ අයයි, ඔය ත්‍රී
වීල් සෙට් එකයි ඔක්කොම එකාට එකා සම්බන්ධයි.
“උන්ට ගිහින් කියාපියව් , අලුත් ඩී. ඩී. වනාතමුල්ලෙන් පටන් අරන් හලාවත මාළු කාරයෝ
සෙට් එකට වැඩේ දීල දඹුල්ලේ එළවලු චන්ඩින් එක්ක හැප්පිලා , මාරවිල මූදුකටුවේ එවුන්ට
බණ කියලා රහත් කරවලා ආපු වත්තල මාබෝලේ පැත්තේ ඉඳලා එන මහා අසමජ්ජාති එකෙක් කියලා.
(වැඩක් කරන්න හදනකොට බොරු බිල්ලෝ මවන මේ ලෝකෙන් උතුම් රටේ කල්ලි ගැහුන රස්තියාදු
කාරයන්ට මගේ ළඟ තියෙන පස් පංගුව තමයි ඔය ). මේ ස්ලෝගන් එක මම ඉතා වේගයෙන් පතුරුවා
හැරියා. මම දැන් රාගම ඉස්පිරිතාලෙට ගියත්
ත්‍රීවීල් මල්ලිලා කොහොමද සර් කියලා මා ලඟට එන්නේ සීරුවෙන්. (මේවට ගොන් පාට් කිය
කියා ඉන්නේ නැතිව උඹලත් පෞරුෂය ගොඩ නගා ගනිල්ලා ) මොහොමඩ් අලි අධ්‍යනය කරන්න. මේක
ඔහුත් අනුගමනය කල න්‍යායක්. මේ ක්‍රමයට ග්‍රවුන්ඩ්
ලෙවල් එකේ බලය තහවුරු කර ගත් මම සමරනායක සර්ගේ හිතේ තිබුණ ප්ලෑන් ඔක්කොම් මාස
හයෙන් ක්‍රියාත්මක කරලා ඉවර කළා.
හැම ආයතනයකම වගේ
රාගම්දීත් මම කෑම කෑවේ පොදු ආපන ශාලාවෙන්. රෝහලේ සිදුවෙන අකටයුතු බොහොමයක්
කැන්ටිමේ ඕපාදුප වලින් දැනගන්න පුළුවන්. ජනමාධ්‍ය දැන ගන්නේ බොහොම පහුවෙලා. අනිත්
හැම තැනම වගේ රාගම කැන්ටින් හිමියාත් මට
හරි හිතවත්. ඔහු හොඳ දරු පවුලක් රැක්ක වැදගත් මහත්මා ගතිගුණ සහිත අයෙක්. ඔහු නිතරම
මම කල හොඳ වැඩ ගැන මහා ඉහලින් අගය කලේ
මෙතෙක් කවුරුත් නොකළ විශ්වකර්ම වැඩ ගානට.
මගේ වැඩ අගය කරන ගමන් ඔහු මට හැමදාම දුක් ගැනවිල්ලක් කියනවා. “සර් මොන වැඩේ
කලත් වැඩක් නෑ. එක වැඩක් නැතිව” මොකක්ද ඔය වැඩේ ? මම ඇහුවා. “ සර් ඔය පුද්ගලික
වෛද්‍ය විද්‍යාලෙ කාලේ ජෙ. ආර් මහත්තයා හදපු බිල්ඩිමේ ඔපරේෂන් තියටර් එකයි
දැන් අවුරුදු 50 ක් විතර පරණ වාට්ටුයි අතර පහුගිය අවුරුදු 25 හේම සීසර් කරපු
ලෙඩ්ඩුයි, අනිත් ඔපෙර්ශන් ලෙඩ්ඩුයි ට්‍රොලියේ දාගෙන උඩ පැන පැන අරන් යනකොට ලෙඩ්ඩු
තුවාල වේදනාවෙන් කෑ ගහන හැටි පොඩ්ඩක් බලන්න සර්. මගේ දුවල දෙන්නත් මේ වේදනාවට
මුහුණ දුන්නා. මම ඒ ගැන දන්නේ ඒ නිසයි.” මට මේ ගැන කවුරුත් කියලා තිබුනේ නෑ. මම
එදාම කාරණේ හොයලා බැලුවා. ඉදිකිරීම් ලිපිගොනු බැලුවා. මීටර් 300ක් විතර වූ මේ කොටස
රළු කොන්ක්‍රීට් පමණක් අතුරලා තිබුනා. ලෙඩ්ඩු
පටවාගෙන ට්‍රොලිය යනකොට හරියට පරණ බඩු කෝච්චියක සද්දේ එනවා. මේක ටෙරාසෝ කරන
කාගීල්ස් යෝජනාවට රුපියල් ලක්ෂ 25 ක් ඇස්තමේන්තු කරලා තිබුනා. ලක්ෂ පහේ තව
යෝජනාවක් තිබුනා. ඔක්කොම ෆයිල් වල විතරයි වැඩේ කෙරිලා නෑ. පුදුමේ කියන්නේ සමරනායක සර්ටත් මේක හදන්න ඕනෑ
කියන සිතිවිල්ල ඇවිත් තිබුනා. ඔහු මට කථා කරලා ඇහුවා මේක හදන්න පුලුවන්ද කියලා .මම
කිව්වා පුළුවන් කියලා. මගෙන් ඇහුවා මොනවද ඕනේ කියලා. වැලි කියුබ් 2යි සිමෙන්ති
කොට්ට 25 යි, නඩත්තු අංශේ කොල්ලෝ සෙට් එකයි, මමයි. (දැන් අහයි ඇස්තමේන්තුවැ හැදුව
හැටි - ප්‍රායෝගික ශිල්පීය ඥානය හැමෝටම නෑ ).
මේ වැඩේ වැරදුනොත් මගේ රස්සාව ගහල යන
බව මම දන්න වා. ඒ නිසා සියල්ල කෙරුවේ මුල්‍ය
රෙගුලාසි අනුගමනය කරමින්. කුලියාපිටියේ මගේ පළපුරුදු මේසන් බාස්ව ගෙන්වා ගත්තා.
වැලි හලන එකේ ඉඳලා සිමෙන්ති අනලා සුද තියලා ඉවර වෙනකම් මම ලඟින් හෙල්ලුනේ නෑ. (මම තමයි පඩි නැති වැඩ පරීක්ෂක ). සෙනසුරාද
උදේ පටන් ගත්ත වැඩේ ඉවර වුනේ සඳුදා පාන්දර. හැමෝට හුඟක් මහන්සියි. එත් වැඩේ
ඉතා ඉහලින් කුලියාපිටියේ බාස් උන්නැහේ කරලා තිබුණා. අවුරුදු 27ක් ඔපෙරේෂන් කරලා වාට්ටු වලට ගෙනියන රෝගීන්ට බටලන්දේ ක්‍රමයට වධ දීම මම දවස් තුනෙන් නැවැත්තුවා.
වියදම රුපියල් පනස්දාහයි. මම කැට තියලා කියන්නම් දැන් මේක ඇස්තමේන්තු කලොත් ලක්ෂ 50 ක් කියනවා සිකුරුයි. මේ වැඩේ නඩත්තු අංශයට පවරන්නේ නැතිව නියෝජ්‍ය අධ්‍යක්ෂකට
පැවරුවේ ඇයි කියලා එක සහෝදරයෙක් ප්‍රශ්න කරලා තිබුනා. අපේ හිටපු ගම්මුලාදෑනියෝ
අම්බලමක් වුනත් හැදුවේ අදටත් ගුල්ලෝ ගහන්නේ නැති අනර්ඝ ලී යොදලා. මේ රටට බෝ කරපු
අසමජ්ජාති කොන්තරාත් ක්‍රමය විසින් එකට සීයක් වියදම හදලා මාස දෙකෙන් කඩා වැටෙන
ඉදිකිරීම් කරන කාලකන්නි කොන්ත්‍රාත් කාරයාව පෝසත් කරන ක්‍රියාදාමය සරුවට නැගලා
යනකොට ඉස්පිරිතාලේ බජට් එක මාස හයෙන් වාෂ්ප වෙනවා. මට නිදහස් අධ්‍යාපනයෙන් ජීව
විද්‍යාව එක්ක භෞතික විද්‍යාවත් ඉගැන්නුවේ ඕනෑ වුන වෙලාවක ප්‍රයෝජනයට ගන්න තමයි.
මගේ මොලේ වම දකුණ දෙකම නිදහස් අධ්යාපනයෙන්මම දියුණු කර ගත්තා. මගේ ලොක්කා ඒක
දැනගෙන ඉන්න ඇති. ඒකයි බය නැතිව වැඩේ මට භාර දෙන්න ඇත්තේ. (පරාර්ථකාමී
මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි කියලා වෙළඳ
දැන්වීමක තිබුණා) .
hats off to u sir ! keep up with the good work !
ReplyDeletethanks for your comments
Deleteනියමයි .....
ReplyDeletethanks for your reply
DeleteWhat a good idea to create a blog
ReplyDeleteතාම ප්‍රශ්ණයක් සිමෙන්ති කොට්ට 20 යි වැලි කියුබ් දෙකයි , ඉස්පිරිතාලේම නඩන්තු අංශයේ පුද්ගල ශ්රමයට ලක්ශ 20ක් ඇස්තමේත්තු කලේ කියලා.
ReplyDeleteපරිපාලන අංශ්රයට එන නිලධාරින්ට මේවගේ පුහුණුවක් දෙන්න ඕනේ
good question
Deleteඉස්පිරිතාලේම නඩන්තු අංශයේ පුද්ගල ශ්රමයට ...... (වැඩගන්න අමාරුම අය) උන්ගෙන් වැඩ ගන්නවා කියනේ යකෙක්ම වෙන්න ඕනි
ReplyDeleteyes of course
DeleteGood job sir
ReplyDeletethanks
Deleteසාදරයෙන් පිළිගනිමු.. මුහුණු පොතේ වගේම ලියන්න පුළුවන් දැන්..
ReplyDeletethanks
Delete+++++++++++++++++
ReplyDeleteGreat Work Sir, and Congrats on the Blog!
ReplyDeletethanks
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි. .මං ආසම මොහොමඩ් අලි තියරියට. .වයිද්ය සේවයේ සුදර්ශන තියරියට තියරියට ජයවේ.වා.....
ReplyDeleteI like your comment
Deleteවෙල් ඩන්!
ReplyDeletethanks
DeleteI like the last few sentences the most. Use the fruit of free education for the sake of people who paid for it. Great.
ReplyDeleteregards
Deleteඔක්කොම ටික කියෙව්වා, නියමයි.පුළුවන් නම් ෆලෝවර්ස් ගැජට් එක එල්ලන්න.
ReplyDeletethanks for your views
Deleteඅනේ මගේ ළමයි දෙන්නව එලියට අරං අපේ උන්දැට ඔය පාරේ යන්ඩ වාසනාව නැතුව ගියානේ
ReplyDeleteAtam, Hadapan thawath ekak.
DeleteAnyway I came from your link. Thanks Machan.