Monday, March 13, 2017

අරගෙන අහන්න

සිරි සඟ බෝධි ගීතය රැප් කරලා කුඩුපට්ටම් කරපු කාලේ මට දැනුන වේදනාව තවමත් එහෙමමයි. අධ්‍යා පනය මෙන්ම සෞන්දර්යද රසවිඳි මම මගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වුයේ  මීට වසර විසි ගණනකට පෙර කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේදී. ඒ කාලේම සංගීතවේදී සරත් වික්‍රම මහතා ගේ සංගීතයට මගේ ගී රචනා සහිත ගීත හයක් සහිත කැසට් පටියක් නිර්මාණය කළා. රාජකාරී ජීවිතය සමග කාර්ය බහුල වීම නිසා මේ නිර්මානකරණය  අතහැරුණා.

ම ඉතා ප්‍රිය කරන ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් හිල්මි මහතා සමග එක ගීතයක් නිර්මාණය කරන්න ගිය මට ගීත 16 ක් ම කරන්න සිදු වුනේ මේ අපුරු සංගීතවේදීයා තුල තිබු පුදුම සහගත තනූ නිර්මාණයට මා වශී වුණ නිසයි.

මෙම ගීත 16 ම රචනා කලේ මා විසින් වුවත් ඒ ඇතැම් ගීත සඳහා මුලාශ්‍ර ලබා ගත්තේ මුහුණු පොතේ ලියවුනු කවි නිර්මාණ වලින් බව කියන්නේ ඉතා නිර් ව්යාජවයි. බොහෝ ගීත සඳහා යොදා ගත්තේ කවි  පද දෙකක් පමණක් වුවත් ගීතයේම නිර්මාණ අයිතිය කවුරු හෝ ඉල්ලා සිටියොත් කොන්දේසි විරහිතව ඒ අයගේ නමින් ගීතය නම් කෙරෙනු ඇති.
“පෞර්ෂය බිඳගෙන හොටු පෙරා ගෙන හඬා වැටෙන ගීත රැල්ලට” පිළිතුරක් ලෙස නිර්මාණය වූ මෙම ගීත 16 පර්යේෂණ මට්ටමේදී සවන් දුන් හැම දෙනාම කිව්වේ “ටොප්” කියලා. (අහලම තමයි බලන්න වෙන්නේ )

මෙහි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහල වුවත් සී. ඩී. තැටියක් රුපියල් 200 කට අලෙවි කරන්නට සැලසුම් කර තිබෙන්නේ, නිකන් දෙන කිසිවක වටිනා කමක් නැති නිසා මෙන්ම කිසිවක් බලෙන් කරේ ගැසීම නොකළ යුතු බැවිණි. (කොපිය 100 ට ගන්නේ මොකටද ඔරිජිනල් එක 200 ට තියෙද්දී )
මේ වන විට පිටපත් නිර්මාණය සඳහා සිංගප්පුරුවට යවා ඇති “මාස්ටර් ටේප්” එකේ වැඩ නිම කර මාර්තු මස අගදී අවශ්‍ය අයට මිලදී ගැනීමට පහසුකම් සැලසීමටයි බලාපොරොත්තුව.
දියනියෙකුට දෙමව්පියන් ගැන කියන්න ලස්සන ගීයක්, බක් මහ අසිරියට නව නිර්මාණයක්, විවාහ වෙන දාට අලුත් වෙඩින් සෝන්ග් එකක් ලක්ෂ්මන් හිල්මි අපුරුවට නිර්මාණය කළා. අහලම බලන්න මගේ මේ සංගීත චිකිත්සාව. (සන්සුන්ව සිටිනු මිස වාද විවාද වල පැටලීමට බලාපොරොත්තු නොවෙමි)
 

4 comments:

  1. පිට උනාම අරගෙන අහන්නම්. ඒ කාලෙට කියන්න.

    ReplyDelete
  2. පිටවුනාම කියන්න. මම අමරදේවයන් ගේ සිට ෆිල් ටී දක්වා වූ ගි රසවිදින කෙනෙක් වන අතර ලිපියේ සමහර තැන් හා එකග නොවෙමි. සංගීතය යනු එක් පුද්ගල කුලකයගේ පමණක් නොව මුලූ මිනිස් සංහතියේම භාශාවකි, ඒ ඒ තුල අප ආස කරන හා නොකරන ඒවා තිබිය හැක.(වාද සදහා නොව අදහස් දැක්වීමක් පමණකි)

    ReplyDelete
  3. අනිවාර්යයෙන් අහන්නම්....

    ReplyDelete