Monday, March 13, 2017

මම යන්නේ කොයි පාරේ?

මගේ ෆේස් බුක් ඉන්බොක්ස් එකට ගාල්ල ප්‍රදේශයේ තරුණ නීතීඥ මහතෙකු පහත සඳහන් පණිවිඩය එවා තිබුණා.

“මචං ඩොකා උඹ සිරා පොරක්. මේ ෆේස් බුක් එකේ වැඩක් කරපු එකෙක් කථා කරනවා දැක්කමයි. උඹ වගේ වැඩ කරපු අනිත් එවුනුත් ඉස්සරහට ඇවිත් කතා කරන්න ඕන. ලජ්ජාවෙන් කට වහගෙන හිටියොත් ඒක වැරදියි. එතකොට බොරු පොර ටෝක් දෙන ෆේස්බුක් වීරයන්ගේ කටවල් වැහෙයි. උඹට ජය!”

මගේ ෆේස් බුක් ගිණුමට අලුත් සාමාජිකයන් ඇතුලත් කර ගැනීමට ඇති අපහසුතාවය පිළිබඳව ලියු ලිපියකට අංගොඩ පැත්තේ රෝහලක පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මල්ලි කෙනෙක් මෙහෙම කමෙන්ට් කරලා තිබුනා.

“වැඩ කරන අය ඒවා කියවන්නේ ලියන්නේ නෑ. ඔයිට වඩා මහා වැඩ කාරයෝ ඕව ලියලා නෑ. ඔය ලියන අය කියන තරම් වැඩ .... මන්දා. මේවා ලියන එක හරිම ඔඩ් වැඩක්. ඕවා ලිව්වා කියලා රෝහල් දියුණු කරන්න බෑ.”

මේ වන විට මේ රටේ රෝහල් 80% ක විතර මුල් පුටුවේ ඉන්නේ මගේ සමකාලීනයෝ. ඒ හුඟක් දෙනා මා කල ඔවුන් නොදැන සිටි වැඩ මේ ලිපි මගින් දැනගෙන මාව ධෛර්යමත් කළා. සමහර මිතුරන් අභිප්‍රේරණ දේශණ සඳහා මට ආරාධනා කළා. (සුළු පිරිසක් අපහාස උපහාස නොකලා නොවේ).

මා වැඩ කල හැම රෝහලකදීම මා කල පළමු කාර්යය වුනේ මට පෙර සිටි ප්‍රධානියාගේ ජායාරූපය කාර්යාලයේ එල්ලීමයි. එයින් මම දුන්නු පණිවිඩය වුනේ මේ තරම් දුරට එම ආයතනය ලැබූ ප්‍රගතියේ ගෞරවය අලුතෙන් ආ මට වඩා මගේ පුර්වගාමියාට හිමි විය යුතු බවයි. (මා විසින් මොන ප්‍රාතිහාර්ය සිදු කලත් මට පෙර සිටි අය කිසිවක් නොකළා යැයි කිසිවෙකු නොසිතිය යුතු බවයි)

මා විසින් ලියු බොහෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ලක්ෂ 10 ට වඩා ඇස්තමේන්තු කර තිබුණු ඒවා. ධර්මද්වීපයේ උන්දැලාගේ කෙරුවාව දන්න නිසා මේ සෑම ව්‍යාපෘතියකම ප්‍රොජෙක්ට් ෆයිල් එකක් හදලා අදාල රෝහලේ ප්ලෑනින් යුනිට් එකේ තිබ්බා. මම ආවට පස්සේ ඒවා අතුරුදන් විය හැකි නිසා පොටෝ කොපිය මා ළඟ තියා ගත්තා. මේවා අධ්‍යනය කරනවා තබා ලියන එකටත් ඇලජික් එවුන් ඉන්න බව මම දන්නවා.(කීර්තිමත් ලයනල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිර්මාණශීලී පරිපාලකයන් හොඳ සංනිවේදකයන් මෙන්ම ලේඛකයන්) එහෙව් රටේ මගේ ලිවීමේ නිදහසටත් සමහරු වෛර කරනවා.  ප්‍රජා සහභාගීත්වය 75% ක් පමණ ඇති මේ ව්‍යාපෘති අමතක කර හැම දේම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන්ට භාර දුන්නු අපි ණය ගෙවාගන්න බැරියෝ කියලා ලතෝනි දෙද්දීත් ටීම් වර්ක් ආකල්පයට යන්න බහුතරයක් හරිම ලැජ්ජයි. “අයියෝ සල්ලි” (එදා දවසේ මහ පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච ගාන බ්‍රේකින් නිව්ස් වෙච්ච රටක මේවත් නිව්ස් ද ? නේද මල්ලි ?)

මම තාම ලිව්වේ මගේ අත්දැකීම් වලින් 10% යි. අවුරුදු 16 ක් තුල රෝහල් 08 ක පරිපාලනයට සම්බධ වූ මට මේ පරිපාලන දොස්තර මල්ලිව මුලිච්චි වෙලා නෑ. එයා තාම පලවෙනි පුටුවේ වාඩි වුණා විතරයි මයේ හිතේ.  

මොනවා වුනත් මේ දෙන්නම අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන ප්‍රාමාණික උගතුන් දෙපලක්නේ. මම ඔවුන් දෙදෙනාගේම අදහස් වලට ගරු කරනවා.

මගේ ලියවිල්ලට  දිනපතා පුවත්පත් කියවන තරමට මේ රටේ  දහස් ගණනක් ඇබ්බැහි වෙලා කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයිනේ. මේ බහුතරයක් අපේ රටේ යෞවන යෞවනියන් ඒ වගේම දෙස් විදෙස් උගතුන් හා සාමාන්‍ය ජනතාව. තමුන්නාසේලා එක්කෝ ලියන්න තරම් දෙයක් කොරලා නෑ. එහෙම නැත්නම් කොරපු ඩි න්ගිත්තවත් ලියා ගන්න තේරෙන්නේ නෑ. ඒකට ඉතින් මං මක් කොරන්නද?

ඉතින් මට කියන්න මගේ ඉතිරි අත්දැකීම් 90% බෙදා හදා ගැනීමේදී මම වඩා සැලකිල්ලට ගත යුත්තේ මේ දෙදෙනාගෙන්  කවර වෘතිකයා කියන දේද?
(බහුතර අදහස් විමසීමට විවෘතයි- ඊර්ෂ්‍යාව, වෛරය ,ක්‍රෝධය නැති සමාජයක් ප්‍රාර්ථනා කරමු)


4 comments:

  1. තුසිත, තමන් කරන කරපු දේවල් වලින් තවත් කෙනෙකුට, ඒ කියන්නේ ඒ කරන කරපු දේවල් වලින් කෙලින්ම දෙයක් නොලැබෙන කෙනෙකුට, වැඩක් වෙන නිසා මිසක් පම්පෝරියට නෙවෙයිනේ ලියන්නේ..එහෙම ලියන අයත් නැතුව නෙවෙයි. ඒත් තුසිත ගේ අත්දැකීම් ගොඩාක් අයට ආදර්ශයක් ගොඩා වෙලාවට...ඒ නිසාම තමයි ඔය වගේ වැඩ තව තවත් කරන්නත්, ඒ ගැන ලියන්නත් ඕනි....!
    ඒ මට හිතෙන හැටි...!

    // ර්ෂ්‍යාව, වෛරය ,ක්‍රෝධය නැති සමාජයක් ප්‍රාර්ථනා කරමු..///
    මේක සෑහෙන්න අමාරුවැඩක්..ඒ නිසා ප්‍රාර්ථනා කරමු...!

    ReplyDelete
  2. අනුන් කල දොස් අතහැරීමත්,
    තමන් කල හොඳ සිහිකර සතුටු වීමත්,
    අනුන් කල හොඳ දැක, අසා තුටු වීමත්,
    පහසු විදිහකි ලෙසින් දිවි ගෙවීමක්.......

    ඔබේ හොඳ ක්‍රියාවන් කියවීමෙන් අප සතුටු වෙමු.

    ස්තූතියි.

    ReplyDelete
  3. වෛද්‍ය තුමනි,
    ඔබගේ සේවයේ යෙදෙන සමාන නිලධාරියෙකු විසින් නොකරනු ලැබු ඔබ විසින් කරන ලද හොඳ වැඩ නැවත නැවත ලිවීමෙන් ඒවා කියවන අප හට, මේ සමාජයට පුංචිම හෝ හොඳ දෙයක් කිරීමට විශාල ෙෙධරයක් ලැබේ.
    මා හට බ්ලොග් ලියන ඔබ තුමන්ලාට මෙන් ලිවීමේ ප්‍රකාශන හැකියාව අඩුය. නමුත් මා රාජ්‍ය කළමනාකරණ සේවයේ සිට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා දකුණු කොරියාවේ කර්මාන්තශාලාවල අවුරුදු 05ක් තුල වැඩ කර ලබාගත් අත්දැකීම් වර්තමානයේ සෑම හැකි අවස්ථාවකම මා සමඟ වැඩ කරන අය සමඟ පවසමි. එමගින් මා බලාපොරොත්තු වන්නේ දැනට මා සමඟ වැඩ කරන අයගේ ධනාත්මක ආකල්ප වැඩි දියුණු කිරීමත් එමගින් අංශුමාත්‍රයකින් හෝ අපේ රට සංවර්ධන ඉලක්ක වෙත ළඟ කරවීමට දිරියක් ලබා දීමය.
    ඔබ තුමාගේ ක්‍රියාව ඇති අත්විශිෂ්ටය ඉතිරි 90% ත් ලියන්න.

    ReplyDelete
  4. කව්රු මොනා කීවත් ලියන එකනම් නවත්වන්න එපා මහත්තයෝ.

    ReplyDelete