Saturday, September 17, 2016

මැමෝග්‍රැෆි යනු කුමක්ද?

මෙය කාන්තාවක් හට තම පියයුරුවල හටගන්නා පියයුරක රෝග ලක්ෂණ තමාට හෝ තම වෛද්‍යවරයාට හසුවීමට වසර දෙකකට පමණ පෙර හසුකර ගත හැකි බරපතල වේදනාවෙන් තොර රෝග හඳුනාගැනීමට හැකි නවීන ක්‍රමවේදයකි. (Before you can feel a lump, a mammogram can detect it) . වත්මන් ඇමරිකානු සෞඛ්‍ය නිර්දේශිතය වන්නේ වයස අවුරුදු 40 ට වැඩි සෑම කාන්තාවක්ම  වසරකට වරක් මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය විය යුතු බවයි. ඊට හේතුව ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කල් තියා හඳුනාගැනීම මගින් පියයුරු පිළිකා නිසාඅ ඇතිවන සංකූලතා සහ මරණ 100% ක්ම පාහේ වලක්වා ගතහැකි වීමයි. (Standard breast cancer treatments are most effective on smaller tumors).

මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය වීමේදී නිරාවරණය වන විකිරණ ප්‍රමාණය දතක එක්ස් කිරණ රූපයක් ගැනීමේදී සිදුවන ප්‍රමාණය තරම් කුඩාය. Having a mammogram is uncomfortable for most women. Some women find it painful. A mammogram takes only a few moments, though, and the discomfort is over soon.

මැමෝග්‍රැෆි  ක්‍රමය හැරුණු විට ඉලාස්ටෝග්‍රපි, ඩිජිටල් මැමෝග්‍රැෆි, තර්මෝග්‍රැෆි ආදී ක්‍රම භාවිතා කරන්නේ රෝගියාගේ ස්වභාවය අනුවයි.  මැමෝග්‍රැෆි  හා අල්ට්‍රා සවුන්ඩ් පියයුරු ගැටිති වල ස්වභාවය නිර්ණය කරගැනීම සඳහා අවස්තානුකුලව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබේ.

ඔබට විශේෂිත වූ X-ray යන්ත්‍රයක් ඉදිරියේ සිට ගැනීමට සිදුවනු ඇත. මෙම යන්ත්‍රය හසුරුවන අය ඔබගේ පියයුර ප්ලාස්ටික් තැටියක් මත ස්ථානගත කරනු ඇත. ඉහල සිට ක්‍රියාත්මක වන තවත් ප්ලාස්ටික් තැටියක් මගින් පියයුර පහල තැටිය වෙත තෙරපවනු ලැබේ. මෙසේ පැතලි වූ පියයුරේ X-ray චායාරුප ගනු ලැබේ. පියයුරට යම් තෙරපුමක් මෙන්ම වේදනාවක් ඇති වුවත් එය ඉතා සුළු වේලාවකින් පහව යනු ඇත.


 මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය වීමේදී සුදානම් වීම.
1. මෙම පරීක්ෂණය ඔබගේ මාස් ශුද්ධිය ඇති අවස්ථාවේ හෝ ඊට පෙර සතියේ සිදු කිරීමෙන් වලකින්න. (මේ කාලය තුල පියයුර මහතින් හා වේදනාකාරී බවින් වැඩිය)Try not to have your mammogram the week before you get your period or during your period. Your breasts may be tender or swollen then.

2. මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය වන දින සුවඳ විලවුන්, පව්ඩර්, හෝ ඩියෝඩරන්ට් භාවිතා නොකළ යුතුය. On the day of your mammogram, don't wear deodorant, perfume, or powder. ...

3.සාය හා බලව්සය පැළඳ සිටීම පරීක්ෂණයට වඩා පහසුය. Some women prefer to wear a top with a skirt or pants, instead of a dress.







2 comments:

  1. බොහොම ස්තූතියි දැනුවත් කලාට. මේ පරික්ෂනේ අපේ ආණුඩුවේ රෝහල් වල දි කරගන්න පුළුවන්ද? OPD වලට ගිහිල්ලා සායනවලට යන්න ඔනේද? නැත්නම් කෙලින්ම මේ පරික්ෂනයට දිනයක් ගන්න පුළුවන්ද? පොඩ්ඩක් ඒ ගැනත් දැනුවත් කරන්න.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඩොක්.. මේ ආකාරයේ ලිපි මාලවක්ම පලවේ යයි බලාපොරොත්තු වෙමු.
    ජයවේවා..!!

    ReplyDelete