Wednesday, September 14, 2016

නඩේ ගුරෙක් නැති පාඩුව (හැම දානයක්ම සද්දෙට කරන, ශ්‍රමදානය අතුරුදන්වූ, ලෝකෙන් උතුම් රටේ හග්ගල උද්භිද උද්‍යානයේ දීය .... )

මේ වගේ වෙලාවක අපේ ජෝන් අප්පුහාමි සීයා හිටියානම් විශාල සිලි මල්ලකට මේවා එකතුකරගෙන ගොස් කුණු බක්කියකට දමන හැටි කාපු බීපු එවුන්ට උපදෙස් දෙන්නේ අපි ගිය බොහෝ විනෝද ගමන්වල නඩේ ගුරා ඔහු වූ  බැවිණි. නව පරපුරේ අප්පුහාමිලා වැඩේ ජෝන් බාස්ට යවා ඇත්තේ හැමෝම ගුරාලා කියා සිතා සිටින බැවින් නඩේ ගුරෙක් නැති හේතුවෙනි. (විනෝද ගමනක් යනවිට ස්වයං විවේචනයෙන් යුක්තව මෙම අතපසුවීම සිදු නොවීමට වගබලා ගැනීම පිණිසයි! )

2 comments:

  1. මෙවැනි දේ පාසැලේදී කියාදිය යුතුය. එවිටවත් මතු පරම්පරාව ටිකක්වත් හැදේවි.

    ReplyDelete
  2. ඔය කියන ස්ථානයේ ප‍්‍රමානවත් තරමට කසල බදුන් තියෙනවාද? කසල බදුන් තිබියදි හැම තැන කුණු දාන එකනම් වැරදියි තමයි.

    මේකත් අපේ රටේ වෙන තවත් වැඩක්
    සතියට එක පාරක් නගරසභාවෙන් කුණු අරගෙන යද්දිපාරට කුණු දාන අය අල්ලන්න හදනවා. මේවා විහිලු. කසල බැහැර කරන්න /රැගෙන යන්න විදිමත් ක‍්‍රමයක් ඇතිනොකර, ගෙවල්වල කුණු කුණුවෙනකොට මිනිස්සු ඒවා පාරට දානවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ.

    ReplyDelete