Tuesday, September 6, 2016

සංකල්ප ( Concepts) නොදැනීම

“කාර් පාස් එකක් ගෙනියන එක ලොකු වැඩක්ද? Dr. සුදර්ශන කරලා තියෙන්නේ රෝහල් ලේකම්ගේ වැඩ”
(මට ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කල සහෝදරයෙක් එම ප්‍රශ්න 10 ට තමන් විසින්ම සැපයු උත්තරයේ මගේ වැඩ ගැන ලියා තිබුනේ එසේයි. ඒ ගැන න්‍යායාත්මක පැහැදිලි කිරීමයි මේ.)

මානව සම්පත් කළමනාකරණයෙදී සැලකිලිමත් වන්නේ අනුගමනය කරණ ක්‍රමවේදයේ ලොකු කුඩා බව නොව, අදාළ ක්‍රමවේදය නිසා ඇති වන ප්‍රතිඵලයේ impact or effectiveness එකයි. ළමා රෝහලේ මහාචාර්ය වරයා වෙත කාර් පාස් එක රැගෙන ගොස් සංකේතාත්මකව මා මගේ සේවා කණ්ඩායම කුළු ගන්වන්නේ ආයතනය customer satisfaction සිට  customer delight දක්වා රැගෙන යා යුතු බවයි. මෙතැනදී රෝහල් පරිපාලකයා වූ මගේ customer වුයේ මහාචාර්යවරයායි.  රෝහල් ලේකම් හා රෝහල් අධ්‍යක්ෂ යන දෙදෙනාගේ job list දෙක හොඳ හැටි දන්නා මම, මෙහිදී කලේ තම customer වෙතට ගොස් සේවා සැපයීමේ ආදර්ශය ඉහලින් සැපයීමයි.

මේ රටේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ පතාක යෝධයෙකු වන එම්. ජී. කුලරත්න මහතා තම Management Style ගැන මෙසේ කියා තිබුණා. “ හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුනට, අවශ්‍ය වුනොත් මමත් වැඩේට බහිනවා. ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය. (Lead by Example) හැබැයි ඒකෙන් කියන්නේ නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.”

හැම දෙයක්ම අමුවෙන්, මතුපිටින් විග්‍රහ කරන මේ ඇත්තෝ සිදුහත් බෝසතාණෝ අභිනිෂ්ක්‍රමණය කල උතුම් අරමුණ නොවිමසා  “අනේ අපොයි කුලුඳුලේ පුතා ඉපදුන දවසේ පියාණන් වහන්සේ තම යුතුකම් අමතක කළැයි” නොකිව්වොත් නේ පුදුමේ.

අපි පොඩි කාලේ රවුම් තඹ තහඩුවක් අතට දීලා, කථා කරනකන් ඔන්න ඔහෙන් වාඩිවෙලා ඉන්න කියලා මකුණෝ කන වේවැල් පුටුව පෙන්නපු රාජ්‍ය බැංකු වලට තරු පෙන්නුවේ පෞද්ගලික බැංකු වල සල්ලි නෙවෙයි, Public Relationship, Customer Satisfaction වගේ අලුත් සංකල්ප.

අපි මුලින්ම Quality management එකට ආදර්ශෙට ගත්තේ Castle Street රෝහලේ විශේෂඥ වෛද්‍ය සිරිසේන මහත්තයාගෙ වාට්ටුවේ වැසිකිලිවල තිබු පිරිසිඳු භාවයයි. Castle Street රෝහල Quality සම්මාන දිනුවේ එකින් එක, ටිකෙන් ටික. අම්පාර රෝහල අපිට ආඩම්බරයක්. ඒ රෝහලත් මේ තත්වයට ආවේ 5S, KIZEN වගේ ක්‍රමවේදයන් අනුගමනය කරලයි. ඒ විතරක් නොවෙයි, මේ වනවිට ලංකාවේ සෑම රෝහලකම ආවරණය වන පරිදි මේ සංකල්ප ක්‍රියාවට නැන්වෙනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ Quality Secretariat එකේ අධීක්ෂණය යටතේ. පසුගිය දස වසර තුල වේගයෙන් ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතිය ගැන මෑතක මේ රටේ නොසිටි අය නොදැන සිටීම පුදුමයක් නෙවෙයි.


මම රෝහල් බොහොමයක් සංවර්ධනය කෙරුවේ සෞඛ්‍ය  අමාත්‍යාංශය අපිට ලබා දුන්න Quality Indicators වලට අනුවයි. එහි අවසාන ඉලක්කය වුයේ Quality Awards තරඟ වලට ඉදිරිපත් වී රෝහලේ කීර්තිනාමය ඉහල නැංවීම මඟින් මහජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි. ඊළඟ ඉලක්කය රෝහල් සංවර්ධනයට ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීමයි. දනට පිනට ලැදි ශ්‍රී ලාංකික ජනතාව පන්සලට පසු වැඩියෙන්ම පින් තකා ආධාර කරන්නේ රෝහලටයි. රජයේ මුල්‍ය ආයෝජනයට ප්‍රජා සහභාගීත්වය එක්වුනහම රෝහල් සංවර්ධනය ශක්තිමත් වෙනවා, ජනතාවට තම රෝහලේ ownership එකක් ලැබෙනවා. මිනිසුන් මෙයින් විශාල මානසික තෘප්තියක් ලබනවා. It is a thrilling experience.



මගේ වැඩ ගැන හරී... චුට්ටන් වැඩ, ඕවා ලියන්න තරම් ලොකු දේවල් නෙවෙයිනේ, කියමින් කුහකකමින් උපහාස කරණ, රටෙත් නැති ලොවෙත් නැති ලොවි ගහෙත් නැති අප්පුහාමිලාට කියන්න තියෙන්නේ මම කරපු හැම ව්‍යාපෘතියක්ම අවසන් ඉලක්කයක් අරමුණු කරගෙන සැලසුමක් ඇතිව සම්පුර්ණ කල ඒවා විනා, පැලැස්තර රෙපෙයාර් නොවන බවයි. මම කරපු චුට්ටන් වැඩ ගැන ලියන කොට මගේ ඇඟේ ලේ පිරිසිඳු වෙනවා. අනේ මගේ ඒ අහිංසක අයිතිවාසිකමට ගරහන්න එපා, සැප විඳින පින්වත් මහත්තයෝ!

3 comments:

  1. ඔබේ සංකල්ප ක‍්‍රියාවට නැගිලා ඉන් ඵලප‍්‍රයෝජනේ ගන්නේ සල්ලි වීසිකරලා ලෙඩ හොදකරගන්න ප‍්‍රයිවෙට් රෝහල් වලට යන්න බැරි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන අසරණ දුප්පත් රෝගින් ටිකක්. කවුරු මොකක් කිව්වත් ඔබ ඔබේ ක‍්‍රමය කරගෙන යන්න. ඔබට ජය.

    ReplyDelete
  2. අවුරුදු 2 විතර ඉස්සරින් අම්පාරේ ඉස්පිරිතාලෙට ගියා ලෙඩෙක් බලන්න, වාට්ටුව හෝ රෝගියාගේ නම දැන සිටියේ නෑ, පිළිගැනීම් කවුන්ටරේට ලෙඩේ සහ රෝගියාගේ ගම කීවාම සුටුස් ගාලා ඉන්නා වාට්ටුවට බෙඩ් නම්බරේට අමතරව ලෙඩාගේ නමත් කීවා, කවුන්ටරෙන් පොලයිට්ලි විමසීමේ බෝනස් වශයෙන් අවේලාවේ කාර්යමණ්ඩල දොරෙන් ඇතුළු වීමටත් අවසර ලැබුනා. කවුරුත් කවුන්ටරෙන් අහන්න බයයිනේ.

    ReplyDelete
  3. /රාජ්‍ය බැංකු වලට තරු පෙන්නුවේ පෞද්ගලික බැංකු වල සල්ලි නෙවෙයි, Public Relationship, Customer Satisfaction වගේ අලුත් සංකල්ප./
    අනිවාර්යයෙන්ම .
    එහෙම දෙයක් කරන්න හිතපු එකටත් ස්තූතිය ජයවේවා !

    ReplyDelete